මම නිනෝ වුණේ කොහොමද දන්නවද? - නිනෝ අරලිය

මේ දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන 'කෝලම් කුට්ටම' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. ඒකෙ මම මිණිමුතුගේ අයියා වන රන්මුතුගේ චරිතය නිරූපණය කරනවා. ඒ චරිතයට මම හරි කැමතියි. ඒ චරිතය හරි දඩබ්බර, එපා කරපු කොල්ලෙක්ගෙ චරිතයක් වුණත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සිවා අයියට මම අවුරුදු තුනකට කලින් කතා කරලා තිබුණා. "නිනෝ මම ඔයාට කතා කරන්නම්" කියලා කිව්වට මට ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. 2022 දී සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා මට මේ චරිතයට කතා කළා. ඒ වෙලාවේ තමයි මට මුලින්ම සිවා අයියව මුණගැහුණෙ. ඔහු ඉතා ප්‍රවීණ වගේම හරිම ආදරණීය අධ්‍යක්ෂවරයෙක්.

මේ දවස්වල නිනෝ තවත් සිනමාපටයකට සම්බන්ධවෙලා කියලයි ආරංචිය?

චනිත් පෙරේරා අධ්‍යක්ෂණය කරන අනුර හේමචන්ද්‍ර නිෂ්පාදනය කරන අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මට දර්ශන් ධර්මරාජ් අයියා එක්කත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක වෙනස් විදිහේ තේමාවකින් ලියවුණු සිනමාපටයක්.

ඔබ මාතලේ ඉඳන් කොළඹ ආවෙ රඟපාන්නමයි?

මගේ ගම මාතලේ. මම කලාවට ආවේ අහම්බෙන් නෙමෙයි. මගේ ස්ව කැමැත්තෙන්. මම කලාවට පොඩි කාලේ ඉඳන් ගොඩක් ආදරේ කරන කෙනෙක්. මම ඉගෙන ගත්තෙ මාතලේ ශාන්ත තෝමස් විදුහලෙයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම විලාසිතා නිර්මාණ ශිල්පියෙක් වෙන්න ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. මගේ ඥාතිවරියක් කොළොන්නාවේ හිටියා. ඇගේ නම ශීලා. ඇන්ටි මාව ගීතා කාන්ති ජයකොඩි මහත්මියට සම්බන්ධ කළා. ගීතා අක්කා මාව සහය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුට හඳුන්වලා දුන්නා. ඒ රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායකයි. ඔවුන්ගේ නාට්‍යයක පුංචි කොටසක මට රඟපාන්න අවස්ථාව ලැබුණා. එතනදි මට මහේන්ද්‍ර පෙරේරා මහතාගේ නාට්‍ය ඇකඩමියේ ඉගෙන ගත්ත දෙන්නෙක් මුණගැහුණා. එතතින් පස්සෙ මම 2003 අවුරුද්දෙ මහේන්ද්‍ර පෙරේරා මහතාගේ නාට්‍ය ඇකඩමියට සම්බන්ධ වුණා.

නිර්මාණ බොහොමයකට ඔබ දායකවෙලා තිබුණත් රන්මුතු චරිතය බොහෝ පිරිසක් අතරට ඔබව ගෙන ගියා කියලා හිතෙන්නෙ නැද්ද?

ඔව්.. අනිවාර් යෙන්ම මීට කලින් මම අඬන, දුක හිතෙන ප්‍රේමවන්තයෙක්ගෙ රාමුවට කොටුවෙලයි හිටියෙ. මම රූප රචනා බොහොමයකට සම්බන්ධ වුණා. ඒ බොහොමයක පරාජිත ප්‍රේමවන්තයෙක් වුණා. එහෙම නැත්නම් සැබෑ ප්‍රේමවන්තයෙක් වුණා. ඒ නිසා නොදැනුවත්වම මාව අඬන ප්‍රේමවන්තයාගේ රාමුවට කොටු වුණා. මම පෞද්ගලිකව ඒකට කැමති වුණේ නැහැ. නමුත් මට කරන්න දෙයක් තිබුණෙත් නැහැ. ඒත් රන්මුතු චරිතය ඔස්සේ ඒකට හොඳ උත්තරයක් දෙන්න මට අවස්ථාව ලැබුණා. ගමේ හැමෝම මට හරි ආදරෙයි. අදටත් මම කොළඹ නැවතිලා හිටියත් ඉඩ ලැබෙන හැම වෙලාවකම ගමේ යනවා. නමුත් වැඩ කටයුතුවලට තියෙන පහසුව නිසාම දැන් මම කොළඹ නතරවෙලයි ඉන්නෙ.

2003 දී කොළඹ ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වුණු ඔබට තවමත් නිර්මාණවලින් මිනිසුන් අතරට ගිය සංඛ්‍යාව අඩුයි කියලා හිතෙන්නෙ නැද්ද?

ඇත්ත.. ලංකාවෙ කලාකරුවෝ කියන පිරිස ගොඩක් ඉන්නවා. දවසින් දවස අලුත් අය එනවා. මේකෙ විශ්‍රාම යාමක් නැහැ. මම කිසිම වෙලාවක බලෙන් චරිත ලබාගන්න ගිහින් නැහැ. සමහර අධ්‍යක්ෂකවරුන් මම මාතලේ ඉන්නෙ කියලයි හිතාගෙන ඉන්නෙ. ඒ නිසා මාව යොදාගන්න හිතපු නිර්මාණ මට මඟහැරිච්ච තැන් තිබුණා. ඒ ගැන මටම මම ගැන දුක හිතෙන වෙලාවල් තියෙනවා. හැබැයි මම ඒ ගැන වැඩිය දුක් වෙන්නෙ නැහැ. මට ලැබෙන හැම චරිතයකටම මම උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මුල්‍යමය වශයෙන් මම හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා මම කියන්නෙ නැහැ. වම් අතින් ගත්ත සල්ලි දකුණු අතින් වියදම් වෙන තත්ත්වයක් තියෙන්නෙ. ඉතුරු කරන්න විදිහක් නැහැ. මේක මගේ රැකියාව. මට වෙන අමතර ආදායමක් නැහැ. ඒ නිසා මම ලොකු අවදානමක ඉන්නෙ කියලා මමත් දන්නවා. මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් මම අවුරුදු දහ අටකට වැඩියි. මගේ පළවෙනි චිත්‍රපටය මචං. ඊට පස්සෙ ආකාස කුසුම්, නිනෝ ලයිව් අහසින් වැටේ වගේ චිත්‍රපටවල රඟපෑවා.

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 105

නිනෝ.. ඉතින් කොහොමද?

හැමදේම අතහැරලා ගමේ ගිහින් නතර වුණු කාලයකුත් තිබුණා නේද?

ඔව්.. 2017 අවුරුද්දෙ මේ හැමදේම නතර කරලා මම මාතලේ ගියා. මගේ අක්කගේ පොඩි අය එක්ක මම වැඩි කාලයක් ගත කළා. තත්ත්වය හොඳ නැහැ කියලා හිතපු මට රුකියාවක අවශ්‍යතාව තදින්ම දැනුණා. ඊට පෙර මම වෙන රැකියාවක් කරලා තිබුණෙත් නැහැ. ඒ නිසා මම රට ගියා. හැබැයි එහාට ගියාට පස්සෙ "මගේ තැන මෙතන නෙවෙයි" කියලා හිතපු මම මාස දෙකකින් ආයෙත් ලංකාවට ආවා. මට නිර්මාණ ලැබුණෙ කාලෙන් කාලෙටයි. ඒ නිසා කාලය අපතේ ගියා. මේ දේවල් නිසා මාසෙ අන්තිමට පඩියක් ලැබෙන රැකියාවක් හොයාගන්න මට ඕන වුණා. ඒ අනුව මම මහනුවර මහවැලි රිච් හෝටලයේ පුහුණුවන වේටර්වරයෙක් විදිහට වැඩ කළා. ඒ හෝටලයේ මම හරිම සතුටින් වැඩ කළා. ඒත් කලාවට යොදවන්න තියෙන කාලය අපරාදේ කියලා දැනුණු නිසා මාස තුනකට පසුව මම ඒ රැකියාවෙන් අයින් වුණා.

සැබෑ ජීවිතේ නිනෝ පෙම්වතෙක්ද?

නැහැ. මම පෙම්වතෙක් නෙවෙයි. 2010 සිට මේ වෙනකම්ම මට පෙම්වතියක් ඉඳලා නැහැ. කාලයත් එක්ක සුදුසු කෙනා මුණගැහේවි කියලා මම විශ්වාස කරනවා. මට ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි. අක්කා විවාහකයි. මගේ තාත්තගෙ නම නිමල් නොයෙල් ජයකොඩි. එයාගේ නමේ අකුරු අරගෙන තාත්තා මට 'නිනෝ' කියලා නම දැම්මා.

දිශානි ජයමාලි

Previous Post Next Post