කලා ශිල්පී විජේරත්න වරකාගොඩ හා චිත්‍රා වරකාගොඩ සිය විවාහයේ 50 වන සැමරුම (ස්වර්ණ ජයන්තිය) පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වූයේ නැවත විවාහ උත්සවයක් පවත්වමිනි. සියලුම ක්ෂත්‍ර නියෝජනය කරමින් කලාශීල්පීන් රැසක් හා ඇමති චමල් රාජපක්ෂද මීට එක්විය. මීට වසර 50 කට පෙර 1970 ඔවුනගේ විවාහය ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලයේ පවත්වන අවස්ථාවේ ඊට එක්වූ දෙවන මනමාලයන් දෙවන මනාලියන් මෙන්ම මල්කුමර කුමරියන්ද මෙදින ඒ ආකාරයටම සැරසී එක්වූ අතර සියල්ලන් ජීවතුන් අතර සිටීම විශේෂිත විය. ජනිත් පුතු හා වින්ද්‍යා දියණියද මීට එක්විය. වරකාගොඩ පවුලම කලාවට සම්බන්ධිතය.
Pix By -Upul Nishantha
Pix By -Upul Nishantha
Tags:
Trending