රුපියල් කෝටි 50ක මුදලක් පිළිබඳ සාපරාධී විශ්වාසය කඩ කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සේදර මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට චෝදනා 24කින් සමන්විත අධිචෝදනා පත්‍ර ඊයේ (24) බාර දුන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට
නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත එසේ විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද නියෝග කළේය. තවද විත්තිකරුවන් සිව්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ ආගමන හා විගමන පාලකවරයා අවශ්‍ය තොරතුරු සහිතව දැනුවත් කරන ලෙසට අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දී ඇති පළමු, දෙවන හා සිව් වන විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්‍ර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත ගෙන්වා ගැනීමට අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තුන්වන විත්තිකරුගේ විදෙස්ගමන් බලපත්‍රය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බාරදීමට නියෝග කළේය.
සියලු විත්තිකරුවන් වෙනුවෙන් ඇපකරුවන් ඊයේ (24) අධිකරණයට ඉදිරිපත්ව සිටි අතර ඇප තබා ඇඟිලි සලකුණු ලබා ගැනීමෙන් අනතුරුව විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව යළි ලබන මස 19 වැනිදා කැඳවීමට නියෝග කළේය.
හිටපු ජනපති කාර්ය මණ්ඩල නිලධාරී ගාමිණී සෙනරත් සේදර, පියදාස කුඩා බාලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන් එසේ ඇප මත මුදා හැරුණි.
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් වූ සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරන ලදී.
රජයේ මුදල් අවභාවිත කරමින් මහා පරිමාණ වංචා දූෂණ සිදු කරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු විත්තිකරුවනට එරෙහිව පැමිණිලි විභාග කිරීමට ස්ථාපිත කෙරුණු ප්‍රථම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ප්‍රථම නඩුව ලෙස ඊයේ (24) පෙරවරු 9.30ට මෙම නඩුව කැඳවුණි.
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ මඟින් නිකුත් කළ සිතාසි මත ඊයේ (24) එම අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් සිව් දෙනාගේ නම් අධිකරණ තෝල්ක මුදලි ටී. ඩී. තුවන් සදාම් මහතා විසින් කතා කිරීමෙන් පසු විත්තිකරුවන් සිව් දෙනා විත්තිකූඩුව වෙත ගොඩවුණි.
නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය අමතමින් පවසා සිටියේ විත්තිකරුවන් හට අධිචෝදනා පත්‍ර බාරදීමට ප්‍රථම චෝදනා පත්‍රයේ නිවැරැදි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය බවයි.
ඒ අනුව අධිකරණ අවසර මත චෝදනා පත්‍රයේ 07,08, හා 09 චෝදනාවන්හි තුන්වන පේළියේ දෙවන චෝදනාව යනුවෙන් සඳහන් වුව 06 වන චෝදනාව යනුවෙන් නිවැරැදි කරන ලදී.
අනතුරුව සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විත්තිකරුවන් හට අධිචෝදනා පත්‍ර බාර දීමට නියෝග කළේය.
එක් එක් විත්තිකරුවන් හට අධිචෝදනා පත්‍ර බාරදීම සිදු කෙරුණු අතර විත්තිකරුවන් හට මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ පෙර ඇප මතම ඔවුන් මුදා හරින්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.
ඒ අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා දන්වා සිටියේ මෙම නඩුව සම්බන්ධව මෙම අධිකරණයේදී විත්තිකරුවන් හට අලුතින් ඇප නියම කරන බවයි.
ඒ අනුව විත්තිකරුවන් හට ඇප නියම කිරීම සිදු කෙරුණි.
නඩුව සම්බන්ධව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සාක්කි සටහන් ඇතුළු ලේඛනවල පිටපත් සතියක් තුළ විත්තියට ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දන්වා සිටියේය.
නඩුව සම්බන්ධව පාර්ශවයන්ගේ යම් පිළිගැනීම ඇත්නම් එම පිළිගැනීම් සලකා බැලීමට හා විත්තිය වෙත ලේඛනවල පිටපත් නිසි ලෙස ලැබී ඇද්දැයි සැලකිරීම සඳහා නඩුව යළි කැඳවීමට දිනයක් ලබාදීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
නඩුව ලබන සැප්තැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියෝග කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් පසු නඩුව දිනපතා විභාගයට ගැනීම සිදු කෙරෙන බවට සඳහන් කළේය.
ශ්‍රී ලංකා රක්ෂණ සමාගම එහි පාලක සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම මගින් හම්බන්තොට හයට් රිජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළ මුදල් වංචා කිරීම පදනම් කර ගනිමින් විත්තිකරුවනට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇත.
පළමු විත්තිකාර ගාමිණි සෙනරත් සේදර මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ සමයේ එහි ආයතනවල කළමනාකාර අධ්යක්ෂවරයකු ලෙස පියදාස කුඩාබාලගේ, අධ්යක්ෂවරයකු වු නීල් බණ්ඩාර හපුහින්න සහ කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන් කටයුතු කර ඇති බව චෝදනාවන්හි සඳහන් කර ඇත.
ලංකා දණ්ඩ නීති සංග්‍රහය, පොදු දේපළ පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව මෙම නඩුවෙන් අධිචෝදනා නගා ඇත.
2014 පෙබරවාරි මස 01 දින සිට 2015 ජනවාරි මස 20 අතර දී දෙවැනි විත්තිකාර කුඩාබාලගේ මහතා කොළඹ දී සිදුකළ වැරැදිවලට අනෙකුත් විත්තිකරුවන් ආධාර අනුබල දුන් බවට අධිචෝදනා ගොනු කර ඇත.
දෙවැනි විත්තිකාර කුඩා බාලගේ මහතා කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ කැන්ඩිල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමට ලිට්රෝ ගෑස් පුද්ගලික සමාගමෙන් යවන ලද රුපියල් කෝටි 50ක මුදලක් වෘත ලෙස හෙලැන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා නැමැති පෞද්ගලික සමාගමේ ගිණුමට බැර කර වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම හා එම මුදල පිළිබඳ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ඉදිරිපත් කර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියි.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි, ගාමිණී මාරපන, අනිල් සිල්වා යන මහත්වරුන් හා නීතිඥ නලින් ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියි.
කුමුදු හෙට්ටිආරච්චි

Tags:
Trending