මේ ලස්සන නැති වුණ දවසට මං මෙහෙම අඳින එක නවත්තයි - අමන්දා ද සිල්වා

 


අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්..ඇගේ සුරූපී බව නිසාම සමාජයේ විවිධ තැන්වලදී ඇය කතාබහට ලක්වෙනවා වැඩියි...


විලාසිතා මවන චරිතයක් වෙච්ච අමන්දා හිරු නත්තල් සාදයට සැරසිලා ඇවිල්ල තිබුණෙ ටිකක් වෙනස් විදිහ ඇඳුමකින්... කොහොම වුණත් මේ ඇඳුම සමාජයේ ගොඩක් තැන්වලදී කතාබහට ලක්වුණා..


ඒත් ඒ ගැන අමන්දා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.. ඇය කොහොමත් වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක් නේ.. ඉතින් මේ වගේ ඇඳුම් අඳින්න පුළුවන් ලස්සන සිරුරක් ඇයට හිමිවෙලා තියෙනවා..


ඉතින් ඒ සිරුරේ ලස්සන රැකිලා තියෙනකං තමන්ට ඒ විලාසිතා සුදුසුයි කියලා හිතනකං අමන්ද මේ වගේ විලාසිතා කරනවා කියල තමයි, ඇය සෘජුවම ප්‍රකාශ කරලා තියෙන්නේ..ඒත් එක්කම මේ වගේ විලාසිතාවලට ඇගේ සැමියගෙන් නම් කිසිම බාධාවක් නැහැලු.. කොහොම වුණත් ඇගේ රසික රසිකාවියන් වෙනුවෙන් අමන්ද මෙන්න මෙහෙම පණිවිඩයකුත් දීලා තියෙනවා...


"මම කරන දේවල්වලට කැමති නැත්නම් ඒ ගැන කමෙන්ට් කරලා මගේ හිත රිද්දන්න එපා එපා. ඕගොල්ලන්ට දෙයක් කියන්නම ඕන නම් මට මැසේජ් එකක් දාන්න අක්කේ මේක ඔයාට ගැලපෙන්නෑ නංගි මේක ඔයාට ගැලපෙන්නෑ .. අන්න එහෙම කෙලින් කිව්වොත් නම් මේ වගේ හිත් රිදෙන එක සෑහෙන්න අඩුවෙයි.."




Previous Post Next Post