අපි නීතියෙන් වෙන් වුණා, දෙපැත්තම දෙමව්පියන් දැනුවත් ව තමයි එහෙම වුණේ - මාධවී ඇන්තනි

 


ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී ඇන්තනි පිළිබඳව මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා ඒ වගේම ඇයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ වෙද්දිත් නිර්මාණය වෙලා අවසන්.ඇය රංගන ශිල්පිනියක් එවගේම නිරූපිකාවක් තවත් අවස්ථාවක දි දී අති දක්ෂ ගායිකාවක් විදිහටත් පුංචි තිරයේ විවිධ වැඩසටහන් හරහා අපිට ඇයව දැකබලා ගන්න අවස්ථාව උදා වෙනවා.

එ වගෙම තමයි මාධවී කලාවට සම්බන්ධ වෙන්නේ පුංචිම කාලේ ඉඳන් ඒ හපන් පැදුර වැඩසටහන හරහායි.ඒ විදිහට කලාවට ආපු ඇය වසර දහයක් වැනි කාලයක් පුරාවටම ටිකක් නිහඩ වෙලා කාලය ගත කළා.ඒකට මූලිකම හේතුව ඇය ඉතාමත් අඩු වයසෙන් විවාහ ගිවිස ගැනීමත් සමඟ සමඟ පළමු විවාහ ජීවිතය ගත කරන අතරතුර ඒ විවාහ ජීවිතයට සමු දී ම නිසයි. පලවෙනි විවාහ ජිවිතීවිතෙන් වෙන්වුණු ඇය සඳහන් කළේ වසර දහයක පමණ කාලසීමාවක් පුරාවටම ඇය එක එක පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇයගේ දක්ෂතාවය පාවිච්චි කළා කියලයි.කෙසේ නමුත් ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී නැවත වතාවක් ඇය මල්ලිලා දෙන්න සමග එකම දවසක විවාහ ජීවිතයකට පා තැබුවා.

ඒ මිලාන් ද සිල්වා කියන පුද්ගලයා සමඟයි.මේක මාධවීගේ දෙවෙනි කසාදය. ඉතින් දැන් ආරංචි වෙන විදියට ඇය මේ කසාදෙටත් සමු දීලා තනිකඩව ජීවත් වෙන්න සූදානම් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.කලින් මිලාන් ගැන ඇය සඳහන් කරලා තිබුණේ ඇයගේ ජීවිතයට හම්බුන හොඳම සහකරුවා ඔහු බවත් ඔහු නිසා නැවත වතාවක් ඇය තමන්ගේ වැඩ කටයුතු හරියාකාරව කරන්න පටන් ගත්තා කියන දේ. නමුත් මේ වන විට මේ විවාහයෙන් වෙන් වෙලා මාධවී තමන්ගේ අම්මත් එක්ක මහ ගෙදර ඉන්නවා කියලා තමයි ගොඩක් අය කියන්නෙ.ඉතින් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දී ඇය මේ සම්බන්ධයෙන් ඇත්තම කතාව ඇගේ youtube නාලිකාව හරහා පළ කරලා තිබුණා.එහිදි ඇය කිව්වේ පහත ආකාරයේ කතාවක්.

“අපි නීතියෙන් වෙන් වුණා හැබැයි රණ්ඩුවෙලා බැනගෙන නෙවෙයි සියල්ල අත්දැකීමෙන් විඳලා නොගැලපීම් වටහාගෙන එය නුරුස්සනා භවයෙන් දෙන්නම දුක් විඳින බව දැකලා ස්තුතිවන්ත ව සුබ පතමින් ගෞරවාන්විතව සමාප්ති යක් තබමින් දෙමව්පියන් දෙපාර්ශවය දැනුවත්ව එහෙම වුණා. සමාජ මාධ්‍ය විසින් උලුප්පලා දක්වන හදන දේවල් එතන නැහැ.අදටත් අපේ දුෂ්ටයෝ තරහ කාරයෝ නෙවෙයි.අටලෝ දහමෙන් කම්පා නොවී අපි ඉදිරි පියවර පරිස්සමෙන් තබන්න හිතනවා.ජීවිතය ගලාගෙන යනවා ඔබ සැමට සුභ වේවා”


ඔන්න ඔය විදියට හට තමයි මාධවී මේ සිදුවීම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු ඇයගේ  නාලිකාව හරහා ප්‍රේක්ෂකයන්ට දැනගන්න කියලා තිබ්බේ.






Previous Post Next Post