මම දික්කසාද වෙන්න තීරණය කළේ දරුවා වෙනුවෙන් -හසිනි සැමුවෙල්

 



හසිනි සැමුවෙල් කියන්නෙ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ නිසාම කාගෙත් කතාබහට ලක්වුණු කෙනෙක්.නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ඇය මෑතක රැප් ගායක ෆිල්ටි සමඟ විවාහ වෙනවා. නමුත් කාලයත් එක්ක ඒ විවාහය දෙදරා යන්නෙ නොහිතපු විදිහට. ෆිල්ටිගෙන් තෑගි ලැබුණු පුංචි පුතා එක්ක "සිංගල් මාම්" කෙනෙක් විදිහට ජීවත් වෙන හසිනි සැමුවෙල් පසුගිය දිනෙක යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛව බොහෝ දේ හෙළිදරව් කළා.

මේ, ඒ සාකච්ඡාවෙන් කොටසක්...


"මීට අවුරුදු කිහිපයකට කලින් විවාහ වුණේ. ඒක මම ලබපු සතුටුම දෙයක් කියන්න පුළුවන්. ඒක හිතට දැනිලා, ආදරෙත් එක්ක වුණ දෙයක්."  "අනිවාර්යෙන්ම දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම ඕනි. හැබැයි ඒ දෙන්නට එකට ජීවත් වෙන්න බැරිනම් ඒ ප්‍රශ්න දරුවාගේ පිටින් යනවට වඩා ඒ දෙන්නා කතාවෙලා සෙපරේට් (ඩිවෝස්) වෙන එක හොඳයි අර විදිහට වෙනවට වැඩිය. සිංගල් මාම් කෙනෙක් වෙන්න කවුරුත් හිතන් නෑ. මම වුණත් පෞද්ගලිකව දරුවා එද්දි ගොඩක් ආසාවෙන් හිටියා. නමුත් එයා සිංගල් මාම් කෙනෙක් වෙන්නෙ කාලෙත් එක්ක. ඉබේම වෙන දෙයක්.... ලංකාවට ඒක අලුත් දෙයක් වුණාට වෙස්ටන් කන්ට්‍රීස්වල වැඩියි. නමුත් ලංකාවේ අඩුයි..."


"මම සිංගල් මදර් කෙනෙක්. මම ටික කාලෙකට කලින් ඩිවෝස් වුණා. ඒක සතුටක් නෙවෙයි. අවංකව කිව්වොත් හරිම ජොලිෆුල් දෙයක් නෙවෙයි. මගේ පුතාට පේන්න මම කවදාවත් අඬලා නෑ. ලෝකෙට වුණත් මම කියන් නෑ. සමහරක් වෙලාවට අපි දකිනවා අම්මලා ඇවිත් චැනල්වල අඬනවා. කැමරා එක ඉස්සරහා ඇඬෙනවා. මටත් අවංකව අමුතු දුකක් දැනිලා තියෙනවා. මං මට පුළුවන් උපරිමයෙන් දරුවා වෙනුවෙන් ජීවිතේ කැපකළා..."


"මම දික්කසාද වෙන්න තීරණය කළේ දරුවා වෙනුවෙන්. මොකද මම කැමති නෑ අපි දෙන්නගේ නොගැළපීමක් දරුවට පේන්නවත් තියෙනවට. ඒක ඇත්තටම මට ලොකු චැලේන්ජ් එකක්. මම දික්කසාද වුණාට පස්සෙ මම මැන්ටලි ගොඩක් වැටුණා. මමමයි තීරණය කළේ දික්කසාද වෙන්න. නමුත් ඒක වුණාට පස්සෙ මට දුකයි. මම තනියෙන් ඉන්න දුක්වුණා. නමුත් කාලෙත් එක්ක ඒකම මට ශක්තියක් වුණා. ඇත්තටම තමන්ගේ ෆීලින්ග් එක මත තීරණ ගන්න හොඳ නෑ දරුවෙක් හදනවා නම් ප්ලෑන් කරන්න ඕනි ගොඩක්.."






Previous Post Next Post