සිංගප්පුරුවට ගිය සංජානාට ඇගේ ආදරණීය පෙම්වතාගෙන් ලැබුණු අපූරු විවාහ යෝජනාව



ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රයේ තුළ මේවෙද්දී සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගනිමින් පුංචි තිරයේ නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන සුන්දර රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ.කොහොම වෙතත් කලාවට ඇති ආසාව නිසාවෙන්ම සංජානා විවිධාකාර අවුරුදු කුමරිය තේරීමේ තරගාවලියන්ට සහභාගි වෙලා තිබෙනවා. ඇත්තෙන්ම එලෙස කලාවට පිවිසීමට ආසාවෙන් පසුවන ඇයට මේවෙද්දී ඒ බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගැනීමට හැකිව තිබෙනවා. 

කෙසේවෙතත් ක්ෂේත්‍රයට ආපු මුල් දිනවල ආදරණීය පෙම්වතියගේ චරිතය නිරූපණය ඇය මේවෙද්දී එකම ආකාරයේ චරිත වලට කොටු වෙලා දෝ කියලත් බොහෝදෙනෙකු අහලා තිබුණා. නමුත් තමන්‍ට හිමිවෙන ඕනෑම චරිතයකට සාධාරණත්වයක් ඉෂ්ඨ කරන ඇය චරිතය හොදනම් ඒක අනිවාර්යයෙන්ම බාර ගැනීමටයි කටයුතු කරන්නේ.  ඒ කොහොම වෙතත් පහුගිය කාලයේ මෙරට බොහෝදෙනෙකු සංජානා මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සංගීත් සතරසිංහ සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඉන්නවා කියල කතාවෙන්න පටන් ගත්තා. ඇත්තෙන්ම ඒ ගැන රූපවාහිනී සජීවී වැඩසටහන්වලදී පවා ඇගෙන් විවෘතව ප්‍රශ්න අහලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

නමුත් ඒ සෑම අවස්ථාවකදීම වගේ ඇය කිව්වේ සංගීත් සහ ඇය අතර එහෙම සම්බන්ධතාවක් නැහැ කියලයි. ඔහු ඇගේ හොදම මිතුරෙකු කියලයි. ඒ කොහොම කිව්වත් බොහෝදෙනෙකු ඇගේ මේ කතාව පිළිගත්තේ නම් නැහැ. කොහොම වෙතත් එහෙම පිළිගත්තේ නැති හැමෝටම ඔන්න දැන් ඒක පිළිගන්න වෙලා තිබෙනවා. ඊට හේතුව වෙන්නේ පසුගිය දවසක සිංගප්පූරුවට ගිය සංජානට ඇගේ ආදරණීය පෙම්වතා ගෙන් ලැබුණු ආදරණීය විවාහ යෝජනාවයි. ඒ විදිහට ගිය සිංගප්පූරුවේදී ඇයට සිය පෙම්වතාගෙන් ලැබුණු මේ විවාහ යෝජනාව ගැන මේවෙද්දී මෙරට බොහෝදෙනෙකු කතාබහ කරන්න පටන් අරගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඔහු ආදරණීය පෙම්වතිය වන සංජානව සෆ්ප්‍රයිස් කරන්න සිංගප්පූරුවේ හරි ලස්සන සුන්දර තැනක් තෝරාගෙන තිබුණා. කොහොම වෙතත් ඇයට මේ සුරූපී කඩවසම් පෙම්වතාව හම්බවෙලා තිබෙන්නේ ඇගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඔවුන්ගේ මේ ප්‍රේම සම්බන්ධතාවය ගැන මෙරට බොහෝදෙනෙකු දැනගෙන ඉඳලා නැහැ.

නමුත් මේ විදිහට ඔහු කරපු මේ ආදරණීය විවාහ යෝජනා වත් එක්ක සංගීත් එක්ක පැටලිලා හිටියයි කියලා කටකතා හදපු අයටත් සංජානගේ සැබෑ ජීවිතයයේ පෙම්වතා ගැන දැන ගන්න අවස්ථාව හිමිව තිබෙනවා. ඉතින් මේ සුන්දර අවස්ථාව ගැන කතා කරනවානම් ඇගේ ආදරණීය පෙම්වතා will you marry me කියලා ඇගෙන් ඇහුවට පස්සෙ ඇය හදවතින්ම yes කියලා පිළිතුරු දීල තිබෙනවා.ඉතින් බොහෝදෙනෙකු කිව්වේ අම්මා නැති මේ අහිංසකීට ජීවිතයට මේ ලැබුණු උතුම් ආදරේ හැමදාමත් රැක ගන්නට අවස්ථාව උදාවේවා කියලයි. කොහොම හරි මේ විදිහට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සැරසෙන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට ඒ ආදරය එයාකාරයෙන්ම රැක ගන්නට වාසනාව ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.






Previous Post Next Post