මට දරුවෝ දෙන්නෙක් ලැබෙන්න හිටියා, ඒ දෙන්නාම නැති වුණා- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

 


දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නොඇසෙන වාරයක් නොමැති තරම්. ඇය එතරම බොහෝ  දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්. ඇය නමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා  කියන චරිතයට අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. ඒ දේශපාලන භූමිකාව තුළ ඇය කුමන ආකාරයේ චරිතයක් වුණත් පෞද්ගලික ජීවිතය තුළ ඇය ආදරණීය දරුවන් තිදෙනකුට සෙනෙහෙබර මවක් වෙමින් කාලය ගත කරන නිසයි. හිරුනිකාගේ ආදරණිය සැමියා තමයි හිරාන්. ඔහු වෘත්තියෙන් නිරූපන ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ලෙස ද කාලයක් කටයුතු කළ අයෙක්. ඔහුත් ඇයව තේරුම් අරගෙන හොඳින් කටයුතු කරන ස්වාමි පුරුෂයෙක් කිව්වොත් හරි. ඉතින් මේ හිරුනිකාගේ පුංචි කැදැල්ලේ ඔබ මෙතෙක් නොඇසූ ඇය මෙතෙක් ප්‍රසිද්ධියේ නොපැවසූ කතාවක් ගැන තමයි මේ කියන්නේ. ඇයගේ දරු ප්‍රසූතිය පිළිබඳව කතා කරද්දී මුලින්ම හිරුණිකා උපත දෙන ආදරණීය පුතෙකුට. නමුත් ඊටත් කලින් ඉඳන් ඇය අවාසනාවන්ත සිදුවීම් කිහිපයකට මුහුණ දුන් බව සඳහන් වනවා. ජීවිතයේ දරු සම්පතක් කියන්නේ අපි කොයි කවුරුත් ආදරේ කරන සහ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඒ දේ හිරුණිකාත් ඒ විදිහටම බලාපොරොත්තු වෙච්ච කෙනෙක්. නමුත් අවාසනාවන්ත විදිහට ඇය මුහුණ දුනෙ කවුරුත් මුහුණ දෙන්න අකමැති අනපේක්ෂිත සිදුවීමකට. ඒ පිළිබඳව හිරුණිකා කිව්වේ මේ වගේ කතාවක්.

“මට පුතා හම්බ වෙන්න කලින් දරුවෝ දෙන්නෙක් හම්බවෙන්න හිටියා. ඒ දෙන්නම නැති වුණා. මම හිරාන් එක්ක විවාහ වුණේ ජූලි 6. අගෝස්තු තමයි ඡන්දෙ තිබේ. විවාහ වෙච්ච ගමන්ම දරුවා පිළිසිඳගෙන තිබුණා. මම දැනගෙන ඉඳලා නෙවෙයි කැපේන් එක කරේ. මට වෙන campaign වලට වඩා ඒ campaign එක හරි අසීරු වුණා. යන යන තැන වමනය යන්න පටන් ගත්තා.... යන යන තැන කලන්තේ දාන්න පටන් ගත්තා.... රැස්වීම් මම මග හැරියා. නමුත් මම හිතුවේ නැහැ හීනෙකින් වත් මම දරුවෙක් පිළිසිඳගෙන කියලා.... අවසානයේ මම හිතන්නේ අගෝස්තු 17ද කොහෙද ඡන්දේ තිබේ. එදා ඡන්ද ප්‍රතිඵල එද්දි මම නිකමට ටෙස්ට් එකක් කළා.... එදා රාත්‍රියේ තමයි මම දැනගත්තේ මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. ඉතින් ඒ කාලේ ඒක මහන්සියත් එක්ක ටික දවසක් යනකොට මගේ දරුවා නැතිවුණා. ඊළඟට ආයෙත් සැරයක් ඒ වගේ වුණා. ඉතින් එතනින් පස්සෙ මම ගොඩක් බය වුනා. එතකොට තුන්වැනි දරුවා හම්බ වෙද්දි ඒ කියන්නේ මගේ දැන් ඉන්න පළවෙනි දරුවා හම්බ වෙද්දි මම ගොඩක් පරිස්සම් වුනා.  මම මේ කරන රැකියාවත් එක්ක මට නිතරම ඇවිදින්න යන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක වෙන්න ඇති ගොඩක් වෙලාවට පළවෙනි දරුවා අහිමි වෙන්න ඇත්තේ. ඉතින් මට තේරෙන කාලේ ඉඳන් හැමදාම මට දරුවෝ පස් දෙනෙක් ඕනේ උනා. දැන්නම් මට ආයේ දරුවන් හදන්න බැරි වෙයි.... හැබැයි මම හිතනවා අර දෙන්නා ජීවත් වෙලා හිටිය නං අද මට දරුවෝ පස් දෙනෙක්.” 

ඉතින් ඒ සංවේදී කතාව පිළිබඳව හිරුණිකා අදහස් දැක්වූයේ ඒ විදිහටයි. 

ලැබෙන සියලුම දේවල් පින් පව් අනුව තීරණය වන නිසා ජීවිතය ගැන ඇය කලකිරෙන නැතුව දරුවන් තුන් දෙනා සමග සමග සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලත් සඳහන් කළා. ඉතින් ඒ ජීවිතය ඒ විදිහටම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම අපි හදවතින් ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.





Previous Post Next Post