පොඩි කාලේදී අම්මා මාව වෙනිවැල්ගැට වලින් නාවපු නිසයි මේකප් නැතුවත් මම ලස්සන - දිලූෂි හංසිකා


අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිලූෂි හංසිකා කියලා කියන්නේ. ඉතින් දෙරණ නාලිකාවේ විකාශනය වන ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතය හරහා ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු බොහොමයක් කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය පාසල් අධ්‍යාපනය ලබලා තියෙන්නේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. ඒ වගේම ඇය ඉස්කෝලේ යන දවස්වලත් ඩ්‍රාමා, ඩාන්සින්, කථික තරග වගේ දේවල්වලට නිතරම ඉදිරිපත් වෙලා තියෙනවාලු. ඉතින් ඒ නිසාම ඇය ඉස්කෝලේ ගුරුවරු අතර වගේම ළමයි අතරත් දන්න හඳුනන චරිතයක් බවට පත්වෙලා හිටියා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය අද මේ ඉන්න තැනට එන්න ඇයගේ රූපයත් ලොකු ශක්තියක් වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම 2020 අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා තුන්වැනි ස්ථානය දිනා ගෙන තමයි ඇය කළා ක්ෂේත්‍රයට පය තියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ධරණි ටෙලිනාට්‍යයේ තරුමිනිගේ චරිතය රඟපාන ජනප්‍රිය සුරූපී නිලි හේෂානි ලියදිපිටියව ඇයට මුණගැහිලා තියෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරගයේදීම තමයි. ඉතින් ඒ වගේම ඇය පුංචි කාලේ ඇයගේ අම්මා ඇයව අවුරුදු 5ක් වෙනකන් වෙනිවැල් ගැට තම්බලා නාවලා තියනවාලු. ඒ නිසා ඇය මේ තරම් සුදු වෙලා තියෙන්නේ. ඒ වගේම පුංචි කාලේ ඉඳන්ම ඇයට කැමැත්ත තිබිලා තියෙන්නේ නීතිඥවරියක් වෙන්න. කොහොම හරි හොඳින් අධ්‍යාපන කටයුතු නිමා කරලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න ඇයට වාසනාව හිමිවෙලා තියෙනවා.

ඉතින් ඒ වගේම ඇයගේ ඇත්ත ජීවිතේත් බොහෝ දේවල් ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතයට සමානයිලු. ඉතින් සැබෑ ජීවිතයේදීත් ඇය ටිකක් නපුරු කෙනෙක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ධරණි කියන්නේ ඇයගේ පළමු ටෙලි නාට්‍ය නිසා ගොඩක් කැපවීමෙන් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් තමයිලු ඇයට මේ ටෙලිනාට්‍යයට දායක වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ දවස්වල ඇය ජර්මන් භාෂාව ඉගෙන ගන්නවාලු. ඉතින් රටේ තියන ප්‍රශ්න නිසාම හොඳට ඉගෙනගෙන දැන් හොඳ රැකියාවක් කරන එක තමයිලු ඇයගේ එකම බලාපොරොත්තුව.





Previous Post Next Post