සුරූපී අනර්කලී තම අලුත උපන් පුංචි දියණියගේ චායාරූප ලෝකෙටම පෙන්වයි

 


කලක් ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක් මෙන්ම නිරුපිකාවක් ලෙසද ජනප්‍රියත්වයට පත් සුරූපී තරුණියක් තමයි අනර්කලී ආකර්ෂා කියල කියන්නේ. කොහොම නමුත් 1987 ජුලි දොලොස් වන දින උපත ලබන ඇයව අපට ලාංකීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුරූපී චරිතයක් ලෙස අපට හදුන්වන්න පුලුවනි. කෙසේවෙතත් දඟකාර හැඩකාර වගේම සුකුමාල කම නිසාම බොහෝ තරුණ හදවත් වල ආදරය දිනාගෙන සිටින අනර්කලී 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වෙනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකා රූ රැජින වීමට තරම් වාසනාවන්ත වෙන ඇය ඊට අමතරව සන්නාම තානාපතිනියක ලෙසද කටයුතු කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි මේ සුන්දර චරිතය කලක් දේශපාලනයටත් සම්බන්ද වී සිට තිබෙනවා.

කොහොම නමුත් 1995 වසරේදි සිය රංගන දිවිය ආරම්භ කරන අනර්කලී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය නිර්මාණය කල, ‘ඉටි පහන් ටෙලි’ නාට්‍යයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඉන් අනතුරුව වසර හතකට පසුව ඒ කියන්නේ 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. කොහොම නමුත් එලෙස පිස්සු ට්‍රිබල් චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. ඒ වගේම ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස අපට වන් ෂොට් වන්,හිරි පොද වැස්ස,සොඳුරු වසන්තය,අංජලිකා,සිකුරු හතේ,වැනි චිත්‍රපට හදුන්වන්න පුලුවනි. ඉතින් ඒ ආකාරයට චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇය ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුල ජනප්‍රියම නිලිය සම්මානය දිනාගත් ලාබාලම නිලිය ලෙසයි සැලකෙන්නේ ඒ විතරක් නොවෙයි අනර්කලී ආකර්ෂා කියන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට මියුසික් වීඩියෝ මගින් ද ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් ඇගේ විවාහය ගැන කතා කරනවානම් අනර්කලී විවාහවෙන්නේ සුප්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහගේ පුත් ඩිෂාන් ජයසිංහ සමගිනුයි. එලෙස ඔහුත් සමගින් විවාහවෙන ඇය මේවෙද්දී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජිවත් වන බවයි අපට දැනගන්නට ලැබුණේ. කෙසේවෙතත් දක්ෂ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක්, නිරුපිකාවක්, ගායිකාවක් ලෙස මෙරට කලා ක්ෂේත්‍රය තුළ දස්කම් දැක්වූ ඇය මේ වෙද්දී සිය සැමියාත් සමගින් සුන්දරව ජිවිතේ ගත කරනවා.





Previous Post Next Post