සබරගමු වෛද්‍ය පීඨය අගමැති අතින් අද විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද 10 වැනි වෛද්‍ය පීඨය වන සබරගමුව වෛද්‍ය පීඨය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙ.ව 10.30ට විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

2016 අය වැය මඟින් සබරගමුව, වයඹ සහ මොරටුව
විශ්වවිද්‍යාල සඳහා යෝජනා කෙරුණු අතර ඊට සමගාමීව සබරගමු වෛද්‍ය පීඨය, කුරුවිට බටුහේනේ ඉදිකොට තිබේ. එම වෛද්‍ය පීඨයේ සායන කටයුතු සඳහා රත්නපුර මහ රෝහල, ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමද එදින සිදුකිරීමට නියමිතය.

2017 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසු සිසුවියන් 75 දෙනකු ඊට අලුතින් බඳවා ගැනීමටද කටයුතු කොට ඇත. එහි ප්‍රථම පීඨාධිපතිනිය ලෙස මහාචාර්ය නිර්මලී වික්‍රමසිංහ මහත්මිය පත්කොට සිටින්නීය.

සබරගමුව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, සබරගමුව සරසවියේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වෙති.
Previous Post Next Post